Sunday, November 28, 2010

මගේ මුල්ම රැකියාව...

කාලය : 1993 ජූලි. මගේ ගිය ආත්මෙ කරපු පව් පලදෙන කාලෙ තමයි මේක...
          මගේ තිබුන අකමැතිම රස්සාව තමයි කොම්පියුටර් ගැහිල්ල.. මොනව කරන්නද.. කියවලම බලන්නකො ඒකෙ ආතල් එක..

          මම ඉස්සෙල්ල කියපු අපේ අයියගෙ යාළුව, ඒ කියන්නෙ මට ඔය රස්සාව සෙට් කරල දුන්න හාදයා දවසක් අපේ ගෙවල් පත්තෙ ඇවිත් කියපි එයා වැඩ කරන තැන රස්සාවක් තියනවා කැමතිනම් සෙට් කරල දෙන්නම් කියල. මම දන්නව එයා වැඩ කරන්නෙ කොම්පියුටර් වැඩ තියෙන කොම්පැනියක කියල. රස්සාවක් නැතුව ගෙදර ඉන්න මට මොන මගුලක් හරි කරන්න ජොබක් ලැබෙනව කියන්නෙ ලොකු දෙයක් නිසා මම ඕන දෙයක් කරන්නම් කියල කැමති උනා වැඩේට...
         අපරාදෙ කියන්න බෑ මම ඒ වෙනකොට කවදාවත් කොම්පියුටරයක ඉදගෙනවත් තිබුනෙ නෑ. දැකලනම් තිබුන සමහර ඔෆීසි වල කට්ටිය ඈනුම් ඇර ඇර ඔය මේසෙ උඩ තියෙන බොත්තන් ගහපු බෝඩ් එකට ඇගිල්ලෙන් අනිනව..ඊට පස්සෙ හරියට ලොකුදෙයක් වෙලා වගෙ බලන් ඉන්නවා..හික් හික්..හරී ශෝක්...
         මමත් ඉතින් එන්න කියපු දවසෙ ඉන්න තරන් දෙයියන්ට වැදලා ගියෙ නැතැයි පලවෙනි ඉන්ටවීව් එකට. හවස හතරට විතර තමයි එන්න කියල තිබ්බෙ.. මගේ තියෙන ඇගේ අමාරුවට දවල් දෙකයි තිහේ ඉදන් මම එතන..කොහොම හරි එතන අයට දුක හිතිල වගෙ මට එන්න කිව්ව හතරෙන් පස්සෙ..මොනව කරන්නද.. මමත් ඉතින් මොනවද කාපු රිලව වගේ හා කියල ගියා පාර පැත්තට පොඩි රව්මක් දාන්න. වෙලාව කන්න ඕනෙ නිස ගියා ලිබර්ටි ප්ලාසා එක පැත්තෙ.. මොකද ඔය කියන ඔෆීසිය තිබුනෙ ලිබර්ටි ප්ලාසා එක ලගමයි..
         වෙලාව බලලා කොල්ල ආව ඉන්ටවීව් එකට, නැත්තම් ඉතින් ආයිත් දුක හිතිල කිව්වොත් ගිහින් පස්සෙ එන්න කියල....
        කොහොම හරි ඔන්න මගෙ මුල්ම ඉන්ටවීව් එකට වාඩි උනා කියමුකො.. කොල්ල ඉන්නව වාඩිවෙලා..මුලු ඇගම ගැහෙනව සට පට ගාලා.. බයේ බෑ.. වෙව්ලන වෙවිලිල්ලට ඉදගෙන ඉන්න පුටුවත් හෙලවෙනවා, මොනවා අහයිද කියලා කව්ද දන්නෙ, අනික මොනව ඇහැව්වත් මම මොකෝ ඔය පතෝල මැස්සෙ වැඩකරන්න දන්න එකක්යැ...

ඕනදේකට රෙඩි වෙලා මම ලොක්ක එනකම් වාඩිවෙලා හිටිය එයගෙ කාමරයෙ. එහෙම හිටියෙ මම දන්න උලව්වක් තියෙනවට නෙමෙයි, වෙන කරන්න දෙයක් නැති කමට.
මම හිතුවෙ දෙකේ හතරෙ බුවෙක් සෙට් වෙයි කියල ඉන්ටවීව් එකට. පස්සෙ බැලින්නම් මෙන්න බොලේ එනව සීනි බෝලයක් වගෙ අන්කල් කෙනෙක්..හරී ශෝක්...මම හිතන්නෙ මිනිහ තමයි ලොක්ක, පේන විදියටනම් මිනිහ ශේප් බුවෙක්.. මට ගුඩ් ඊව්නින් කියල වාඩි උනා වැඩේට.. මොන ගුඩ්ද.. වෙලාව එනකම් පාරවල් ගානෙ ඇවිදල කකුල් දෙකත් රිදෙනව, ලගට යන්න බෑ දාඩිය ගඳ.
        ලොක්ක මගේ ඇප්ලිකේශන් එක අතේ තියාගෙන ඒකෙ තියෙන විස්තර මගෙන් ඇහැව්වා. සමහර විට ඒකෙ තියෙන දේවල් එයාට කියවගන්න බැරුව ඇති. නැත්තන් ඉතින් ඒක දිහා බලාගෙන මගෙන් මොන උලව්වක් අහනවද. කොහොම හරි ඔන්න ඉතින් දන්න සෙල්ලන් දාල අහපු දේවල් වලට උත්තර ටිකනම් දුන්න. මොකද එකේ තියෙන සමහර දේවල් මමවත් දන්නෙ නෑ.
ඔන්න දැන් තමයි සබ්ජෙක්ට් එකට සෙට් උනේ...
        මට කරන්න තියෙන්නෙ ඩේටා එන්ට්‍රි. ඒ කියන්නෙ කොලයක් බලාගෙන ඒකෙ තියෙන හැම අටමගලයක්ම කොම්පියුටරයට දාන එක..සතියට දවස් තුනයි වැඩ. සදුද, බදාද, සිකුරාදා. වැඩේ තියෙන්නෙ රෑට..හවස පහේ ඉදන් උදේ අට වෙනකම්. නයිට් ශිෆ්ට් එකේ. නරකමත් නෑ නේද?

        ලොකු මිනිහ වගේ වැඩේ කරන්නම් කියල බාරගත්තට ජීවිතේට කොම්පියුටරයක් අතින් අල්ලලවත් තිබුනෙ නෑ. ඒක ඉතින් එයාට කියන්න ඕනෙ නෑනෙ...
       මට ඊලග සතියෙ සදුදා ඉදන් වැඩට එන්න කිව්වා. ටිකක් වේලාසන එන්න කියලත් කිව්වා. සමහර විට ආයිත් මට පාරවල් ගානෙ යන්න වෙයිද දන්නෙ නෑ වේලාසන ඇවිත්..හික් හික්.

අපි පස්සෙ බලමු ලබන සතියෙ මොකද උනේ කියල...........


8 comments:

  1. නියමයිනෙ... ඉතින් ඉතින් අපෙ එක්කෙනත් ඉතින් ඊලඟ දවසෙ ඒකට ගියලු . ඊට පස්සෙ මොකද උනේ ..... ?

    ReplyDelete
  2. බලාගෙන ගියාම නරකත් නැහැ නොවැ මිලින්දගෙ ලියවිල්ල..මරු.!! කියවන්න හිතෙනව මුල සිට අගට ම..නියමයි මිලින්ද..!!

    ReplyDelete
  3. නියමයිනේ පොඩි එකාගේ ලියුමට වඩා ගොඩක් හොදයි...ලියන්න බැහැ කිව්වට ඔය ලියන්නේ ලස්සනට...ඔබට මාගේ සුභ පැතුම්.....!!!

    ReplyDelete
  4. photo ganna witharak nevi oyata liyannath puluwan wage

    ReplyDelete
  5. නියමයි මිලින්ද, ඔයාට නියමෙට ලියන්න පුලුවන්නෙ.... :)

    ReplyDelete
  6. අතල් කතාව..ඒල ඒල

    ReplyDelete
  7. Ithuru tika ikmanta dannako.....

    ReplyDelete