ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා.. ලංකාවෙ හැමෝම වගෙ ඉස්කෝලෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා රස්සාවක් කරන්න පුලුවන් විදියට.... සිංහල, ආගම, ඉතිහාසය.... තව ගොඩක් දේවල් තිබුනනෙ, අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තු දේවල් වලින් මොන උලව්වක් වත් කරන්න බෑ කියල තේරෙන්නෙ දැන් තමයි...
ආ... මතක නැති උනානෙ කියන්න.. ඉස්කෝලෙ යනකාලෙ, ඒ කියන්නෙ ඕලෙවල් ඉවර උනාට පස්සෙ හැදුනනෙ තවත් බඩේ අමාරුවක්..මොකක්ද දන්නවද? ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුනනෙ කැඩෙටින් වලට. අපිත් එක්ක හිටපු ගොඩාක් අයට ඔය බඩේ අමාරුව හැදිල තිබුන.. අනික ඕකෙ හිටපු සීනියර්ල ඒ කියන්නෙ පරණ අය ගොඩක් හිටියෙ අපේ යාලුවො..උන්ගෙ තියෙන මලවදයට තමයි ඉතින් අපිත් ඕකට සෙට් උනේ.. කොහොම කොහොම හරි අපේ පන්තියෙ හිටපු හොදම ටික ඒ කියන්නෙ බුලට් වැඩ කාරයො ටික ඕකට සෙට් උනා..තව අල්ලපු පන්තියෙනුත් දෙතුන් දෙනෙක් සෙට් උනා.
කැඩෙටින් ජීවිතේ ගැන නම් කියන්න ගොඩාක් දේවල් තියෙනව.. අපි පස්සෙ ඒ ගැන වෙනම පිටුවකින් බලමු..
ඉස්කෝලෙන් එලියට ඇවිත් ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට උදේ ඉදන් රෑ වෙනකන් ගෙදර අය කිව්වෙ මොනව හරි ඉගෙන ගනින් රස්සාවක් කරන්න කියලා. මොන ඉටිගෙඩියක් ඉගෙන ගන්නද? අවුරුදු 13ක් ඉගෙන ගෙනත් රස්සාවක් කොරන්න පුලුවන් විදියට මොන උලව්වක් වත් ඉගෙන ගන්න බැරි උන එකේ දැන් පුලුවන්ද එක්ස්ප්‍රස් එකේ ජොබ් එකකට ඉගෙන ගන්න..
ගෙදර අයගෙ කටේම තිබුනෙ කොම්පියුටර් ගහන්න ඉගෙන ගන්න කියල... මට පෙන්නන්නම බැරි සබ්ජෙක්ට් එක තමයි ඕක.. මෙලෝ රහක් නෑ.. මට දිරවන්නෙම නැති වැඩේ තමයි ඔය උදේ ඉදන් හවස් වෙනකම් පුටුවකට වෙල වාඩි වෙලා ඉන්න එක..
රස්සාවක් නැති හෙනේ තිබුනෙ මට විතරක් නෙමෙයි. මාත් එක්ක ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගොඩ දෙනෙකුට ඔය නස්පැත්තිය වෙලා තිබුන. ඉස්කෝලේ යන කාලෙ වෙන බහුබූත කරකර හිටිය මිසක් ඕකෙන් එලියට ආපුදාට කොරන මගුල හිතුවෙ නෑනෙ ඔය හිටපු එක බූරුවෙක්වත්..දැන් තමයි රගේ දැනෙන්නෙ.. ඕකට තමයි කියන්නෙ අපේ පරන ජොකියො "කුම්බලන් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....
මම ඉස්කෝලෙ පලවෙනි පන්තියෙ විතර ඉන්න කාලෙ අපේ තාත්තා රස්සාවෙන් අයින් වෙලා හෝටලයක් පටන් ගත්තා ගෙවල් ලගම තියෙන අපේ අම්මගෙ මහ උන්දලාගෙ ඒ කිව්වෙ ආච්චිගෙ බිල්ඩිමක. තත්තා රස්සාවෙන් අයින් උනේ අපිට මහ ලොකු දෙයක් තියනවට නෙමෙයි, ජීවත් වෙන්න අම්මට ලැබුන රු.225/= පඩියයි තාත්තට ලැබුන රු.90/= පඩියයි මදිනිසා.
ඔය කාලෙ අපේ ගෙදර බිත්තර ගන්න හදපු කිකිළියො රන්චුවකුත් හිටිය. රන්චුවක් කිව්වට ඒකෙ කිකිළියො 1500ක් විතර ඉන්න පොඩි කූඩු දෙකක් තිබුනෙ..අපේ අම්මයි තාත්තයි තමයි ඔය සබ්ජෙක්ට් එක කරේ.. උදේට රස්සාවට යන්න කලින් කිකිළියන්ගෙ රාජකාරිය කරල දාපු බිත්තර එකතුකරල කඩවල් වලට දාන්න ලෑස්ති කරල තියල තමයි දෙන්නත් එක්ක වැඩට යන්නෙ..බිත්තර විකුණලා ඒකාලෙ හොද ගානක් හොයාගත්තා..ඒක තමයි අපිට තිබුන අමතර ආදායම හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා..
හෝටලය දැම්මට පස්සෙ ඒක ටිකක් හොදට දියුනු වෙලා ආවා.. හොදට බිස්නස් තිබුන..වැඩ කරන්නත් ගොඩක් අය හිටිය..තාත්තගෙ සහෝදරයො ඒ කිව්වෙ මගේ බාප්පල සෙට් එකත් තාත්තට සපෝට් එකට හෝටලේ දාපු කාලෙ හිටිය..
මම ඉස්කෝලෙන් එලියට එන කාලෙ වෙනකොට අපේ ගෙදර තත්වය ඒ කිව්වෙ අපේ ආර්ථික තත්වය බොහොම හොද තැනක තිබුනෙ. අපිට කියල විශේශ ප්‍රශ්නයක් තිබුනෙ නෑ.. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්නයෙන්ම යන්න ඕනෙ අපේ අම්මටයි තාත්තටයි..
මම ඉස්කෝලෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කාලේ හෝටලෙ මුදලාලි පට්ටමත් කරා..ඒකත් වරදක් නෑ.. සාක්කුවෙ කොයිවෙලෙත් හොදට සල්ලි තියෙනවනෙ. හොරකන් කරල නෙමෙයි පේන්නම අරන්.
අපිත් එක්ක එකට කැඩෙටින් කරපු අපේ යාළුවො දහයක් විතර හමුදාවට ගියා. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ල හැටියට. හොද වෙලාවට මට ඔය බඩේ අමාරුව හැදුනෙ නෑ. ඒ ගිය අයගෙන් දෙතුන් දෙනෙක් අද වෙනකොට මේ ලෝකෙන් ටිකට් එක කපාගෙන ඉවරයි. ඒ කාලෙ හමුදාවට යනව කියන්නෙ ගෙදර අය අමතක කරනව කියන එක තමයි.

ඔන්න ඔහොම ටික කාලයක් ඒ කියන්නෙ මාස ගනනක් යනකොට මට අයියගෙ යාළුවෙක් රස්සාවක් සෙට් කරල දුන්න. යාළුවෙක් කිව්වට එයා අපේ පවුලෙ කෙනෙක් වගෙ. අපි බොහොම කිට්ටුවෙන් ආස්සරය කරෙ..
මගේ මුල්ම රැකියාව... කමින් සූන්....
im waiting for next one . i like this life story soooo ............. !
ReplyDeleteThanks
ReplyDeletevery interesting
ReplyDelete