Sunday, December 19, 2010

නයිට් ශිෆ්ට් ජීවිතේ පලමු දවස.....

          මම කියපු වෙලාවටම ගියා අලුත් ජොබ් එකට. වේලාසන ගිහින් පාරවල් ගානෙ ඇවිදින්න බැරි නිසා කියපු වෙලාවටම කොල්ල ගිය එතෙන්ට.
         මම ගිහින් එදා මට කතා කරපු සීනිබෝල අන්කල්ව මීට් උනා. මෑන් ටිකක් හොද පාටයි. කතා කරන්නෙත් ටිකක් මචන් ලෙවෙල් එකට. මගේ තිබුන බය ටිකක් අඩු උනා පොරත් එක්ක දාපු චැටෙන් පස්සෙ.
මට කරන්න තියෙන දේවල් උගන්නන්න කියල තව ඇන්ටි කෙනෙකුට මාව සෙට් කරල පොර මාරු උනා. අනේ ඉතින් මට දෙයියන්ගෙම පිහිටයි. දෙයියන්ගෙ නෙමෙයි මේ ඇන්ටිගෙ පිහිටයි.. ඕක තමයි කියන්නෙ ඉගෙන ගන්න කාලෙ බහුබූත කර කර ඉන්නෙ නැතුව මොන මගුලක් හරි වැඩකට ඇති දෙයක් ඉගෙන ගන්න කියල...
         වෙලාව හවස හතරට විතර ඇති. කට්ටිය යමරෙට කොටනව කොම්පියුටරේ බොත්තන් වලට..එකම සද්දයයි. මටනම් නිකන් පිස්සු වගේ. ෆයිල් කවරයක දාල තියෙන රෝස පාට කොලයක් බලාගෙන කට්ටියක් කොටනව හුස්ම ගන්නෙවත් නැතුව. හරියට කෝච්චිය අල්ලන්න යන්න පරක්කු වෙලා වගේ. තව කට්ටියක් සුදු පාට කොල බලාගෙන කෙලිනව අර අහින්සක බොත්තන් වලට. එක්කෙනෙක් වත් බොත්තන් දිහා නිකමටවත් බලන්නෙ නෑ අනින එක හරියට ඇනෙනවද කියලවත්. හනේ හපොයි හරිම කුජීතයි..
        මම අර කලින් කියපු ඇන්ටි මාව එක්කන් ගිහින් වාඩි කරා කවුරුත් නැති කොම්පියුටරයක. ඇන්ටි කිව්වට එයා එච්චර වයස නෑ. වයස ඒ කාලෙ හැටියට ඕන්නම් මට වඩා අවුරුදු හයක් විතර වැඩි ඇති. පේන විදියට මෙයත් වරදක් නෑ.

මම හිටපු කාමරයෙ ගෑනු ළමයි තමයි වැඩිපුර හිටියෙ. ළමයි කිව්වට මුන් ළමයිමත් නෙමෙයි. පිරිමි අයත් හතර පස් දෙනෙක් හිටිය. හැමෝම පිස්සු හැදිල වගේ වැඩ. මට තේරෙන්නෙ නැති උනාට මොනව හරි ලොකු දෙයක් එතන වෙනව කියලනම් ශුවර්.
       මටත් අර කියපු වගෙ ෆයිල් කවරයක් දෙන ගමන් මගෙන් අහපි ඩේටා එන්ට්‍ර කරල තියෙනවද කී බෝඩ් එක බලන්නෙ නැතුව ටයිප් කරනන පුලුවන්ද කියල.. කී බෝඩ් බලන්නෙ නැතුව ටයිප් කරන්න මීට කලින් මම කොම්පියුටරයක වාඩි වෙලාවත් තියෙන එකක්යැ. එක්කො මුන්ට පිස්සු නැත්තම් මට පිස්සු මෙහෙම ජොබ් දෙනවට.
මම නිකන් හිනා වෙල කිව්වා නෑ කියල ඇගට පතට නොතේරෙන ගානට. නිකන් බොරු කියන්න ගිහින් උදේ පාන්දරම නා ගන්න ඕනෙ නෑනෙ.
      අප්පට සිරි කොම්පියුටරේ හැටි. මම හිතන්නෙ මේක දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට සුද්දො වැරදිලා වගෙ ගෙනාපු එක් වෙන්න ඇති. තඩි සයිස් කී බෝඩ් එකක් තියෙනව කොම්පියුටර් පෙට්ටියටම හයිකරල. කොල පාට අකුරු විතරයි ඒකෙ තියෙන්නෙ. තඩි යකඩ පෙට්ටියක තමයි ඔය අටමගලෙ තියෙන්නෙ. මේක පරන කාලෙ ආපු ටීවී එකක් වගෙ. මම මේ වගේ එකක් නම් කොහේදිවත් දැකල තිබුනෙ නෑ.
      ඔය කියපු යකඩ පෙට්ටියෙ එක කෙලවරක WANG කියල ගහල තිබුන.තරමක් ලොකු ස්ක්‍රීන් එකක් තමයි තිබුනෙ. දැන් තියෙනවගේ එකක් නෙමෙයි. අමුතුම ජාතියෙ එකක් මේක. ආසාවට බලන්නවත් පින්තූරයක් එන්නෙ නෑ. කොල පාට අකුරු විතරයි තියෙන්නෙ. හප්පා.. මාව කරකවල අත ඇරිය වගෙ... මේකට තමයි කියන්නෙ "කුම්බලම් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....

මම අර කලින් කියපු ඇන්ටි කොම්පියුටරේ මොකක්ද මන්ද අකුරු තුනක් තියෙන නමක් දාල ඒකට යටින් තරු පොලිමක් හගල බලන් හිටිය ඒක ඔන් වෙනකම්. ඊට පස්සෙ ටික වෙලාවක් ගියාම එකෙ තිබුන දේවල් වෙනස් වෙල වෙන ස්ක්‍රීන් එකක් ආවා. වෙන ස්ක්‍රීන් එකක් කිව්වට මොන උලව්වක් වත් නෑ එකෙ අකුරු වලට අමතරව. තියෙන්නෙ අර කොල පාට අකුරු විතරයි. හප්පා.. ඒකෙ තියෙන දේවල්...
මොනවද මන්ද බොත්තන් වගයක් ගැහැව්ව කීබෝඩ් එකේ උඩම පේලියෙ තියෙන. ගහගෙන ගහගෙන ගියා මිසක් නිකමටවත් මගෙන් ඇහැව්වෙ නෑ තොට මේක පේනවදවත් කියලා. මොනව කරන්නද.. මමත් ඔහේ බලන් හිටිය මිසක් මට වෙන මොන මගුලක්වත් තේරෙන එකක්යැ..
දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ බාගෙට එලිය වැටිච්ච අකුරු ටිකකුයි හොදට එලිය තියෙන ඉරි කෑලි පේලියකුයි.. ඒ වගෙ පේලි දෙකක් තියෙනව..
මට කරන්න තියෙන්නෙ අර ෆයිල් කවරෙ තියෙන රෝස පාට කොල වල තියෙන ඉලක්කන් මේකෙ ගහන්න. මට එකක් අර ඇන්ටි දාල පෙන්නුව. මමත් ඒක දාන්න ඕන විදිය කොල කෑල්ලක් අරන් ලියා ගත්තා, නැත්තම් ඉතින් මොනව දායිද කියල කව්ද දන්නෙ...

ඊලගට.... 
" ඒ " කෝ.. " බී " කෝ ජීවිතේ...
(අකුරු හොය හොය ටයිප් කරනවට තමයි එහෙම කියන්නෙ.) 

11 comments:

  1. milinda aiya ahanam blogging walatat awa :D

    ReplyDelete
  2. web nyamata karana puluwan karmayak tyanwa cms oyaga mail adas 1 dana mama karana wedya kyala danam ok

    ReplyDelete
  3. ලියාගෙන යමු මිලින්ද...හරි ම රසවත්..!!

    ReplyDelete
  4. ස්තූතියී හැමෝටම. වෙලාව තියෙන විදියට ලියන්නම්..

    ReplyDelete
  5. මිලින්ද අයියා, පට්ට ආහ් . . කියෙව්වත් කියෙව්වෙ නෑ මේ වගේ පට්ට කතාවක්. හික් හික් . . ඔහොම යමු කොල්ලා . . ගුඩ් ලක් . .

    ReplyDelete
  6. සිරාවටම මරු භාෂා ශයිලිය එල එල අපිත් බලං ඉන්නම්කෝ තව පිටුවක් ලියන කල්....:)

    ReplyDelete
  7. මාස දෙකක් විතර ගිහින් මේක දාල ‍‍‍... අපි කට ඇරගෙන බලන් ඉන්නව ඊලග පෝස්ට් එක දානකම්

    ReplyDelete
  8. මගෙත් මුල්ම ජොබ් 0එක මතක් උනා..
    රැ එලි වෙනකල් කොටනව මදිවට ඒසී එක යටටම සෙට් උනේ. නින්ද ගියොත් හරි ටිකක් වෙලා හිටියොත් හරි ඇඟිලි ගල් වෙන්න ගත්ත ඒසී වැඩි කමට

    ReplyDelete
  9. සුපිරි මිලින්ද අයියා...

    ReplyDelete