මම ගැන ටිකක්....
උප්පැන්නේ ඇති නම : කෝරාල මුදලිගෙ මිලින්ද වීරසේකර
උපත : 1974-04-03
ස්ථානය : වැල්ලවත්ත
මව : ස්වර්නලතා කුමාරිහාමී වීරසේකර
පියා : ගුනදාස වීරසේකර
ඔන්න ඔහොම තමයි උප්පැන්නෙ තියෙන්නෙ....
ගෙදර අය ගැන ටිකක්....
මම පවුලෙ දෙවෙනිය..මට වඩා අවුරුදු 6ක් වැඩිමහල් සහෝදරයෙක් ඉන්නව..වන් ඇන්ඩ් ඔන්ලි බ්රදර්...
අම්ම රක්ෂන සංස්ථාවෙ ජොබ් එක කරේ. දන්න තරමින් නම් ලංකාවෙ තියෙන ලොකුම කැම්පස් එකකින් ගත්ත ඩිග්රී තියෙනවා.. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව සහ ලෝක ඉතිහාසය ගැන...අයියෝ අපරාදෙ ඉගෙන ගත්ත දේවල්. ඉගෙන ගත්තු දේවල් ගොඩාක් ප්රයෝජනවත් උනානෙ කරපු රස්සවට...උදේ ඉදන් කුරුටු ගාපු එක තමයි කරේ... මොකෝ රක්ෂන සංස්ථාවෙ ඉදන් කැනීම් කටයුතු කරන්නයැ...ඔන්න රටේ අය දුන්න රස්සාව...
තාත්තා ප්රයිවෙට් පාමසියක වැඩ කරා. බෙහෙත් සන්යෝජක හැටියට. ඒක ඒ කාලෙ ටිකක් හොද රස්සවක්. සමහර අය අදටත් තාත්තව හම්බවෙන්න එනවා බෙහෙත් අහගන්න.
මම පොඩි කාලෙ ඒ කියන්නෙ ඔය ජන්ගිය ඇදන් ඉස්කෝලෙ යන කාලෙ...මොන්ටිසොරියකට ගියානෙ..ඒක තිබුනෙ අපේ අම්මගෙ මහගෙදරට අල්ලපු වත්තෙ..හරි මරු.. හිතුන ගමන් කොල්ල දුවනව ආච්ච්ලාගෙ ගෙදරට..මොන අලබෝලයක්වත් කන්න නෙමෙයි, මොන්ටිසෝරියෙ ඉන්න කම්මැලි කමට..මේකා ආවහම මලවදේ කියල ආච්ච් කනෙන් අල්ලන් ගිහින් ආයිත් මොන්ටිසෝරියට දානව...මොනව කරත් කොල්ල මොන්ටිසෝරියෙ හොදම එකා..හැම වැඩක්ම හොදට කරනව...
කොහොම කොහොම හරි ඒ කාලෙත් පැන්න කියමුකො..
මම ඉස්කොලෙත් ගියා...ඒක ගැනත් ටිකක් කියන්නම්...
යාන්තම් වයස සෙට් වෙනකොට කොහොම හරි දන්න සෙල්ලන් ඔක්කොම දාල ගෙදර ඇඩ්රස් එක වෙනස් කරල කොල්ලුපිටිය පැත්තෙ ගෙදරක ඇඩ්රස් එකක් දාල කොහොම හරි මහානාම විද්යලයට ඇප්ලිකේෂන් එකක් දාල යාන්තම් ඉස්කෝලෙ සෙට් කරගත්තා...
මහානාමේ පලමු දිනේ...
ඔන්න ඔක්කොම දහන්ගැට ගහල මහානාම ඉස්කෝලෙ සෙට් කරගෙන පලවෙනි දවසෙ ඉස්කෝලෙ ගියා කියමුකො...
හප්පටසිරි ඒකෙ හැටි..මාරයි..හරිම ලොකුයි..කොල්ලො පිරිල..මම ගිය මොන්ටිසෝරිය වගේ නෙමෙයි මේක. එක එක සයිස් වල කොල්ලො ඉන්නව..මම හොටු පෙරාගෙන අඩන්නව දැක්ක ලොකු කොල්ලො මට නිකන් කින්ඩියට වගෙ හිනා උනා මට යාන්තම් වගෙ මතකයි..ඒ වගේම මම කවදා හරි උන්ට රිටන් එක දෙනව කියල හිතා ගත්ත එකනම් හොදට මතකයි...
මම ඇඩුවෙ බයකට නෙමෙයි, ගිය පලවෙනි දවසෙම දැක්කෙ කොල්ලො දෙන්නෙක් ගහක් යට මරාගන්නව..එකෙකුට හම්බානෙට නෙලනව...මට නිකන් මැවිල පෙනුනා ලොකු එකෙක් මට නෙලන විදිය...
කොහොම කොහොම හරි ටික ටික ලොකුවෙන්න පටන් ගත්තා, ඉස්කෝලෙ පන්ති වල ඉලක්කන් ටික ටික වැඩි වුනා.. ඒ කිව්වෙ පහල බාලාංශයෙන් පලවෙනි පන්තියට, ඒකෙන් දෙකට, දෙකෙන් තුනට......
දැන් කොල්ල ටික ටික ලොකු වෙලා, දැන් කවුරුත් කින්ඩිය දාන්න එන්නෙ නෑ.. මගේ ඇති උලව්වකටන නෙමෙයි, හැමෝම දැනගෙන හිටිය මගේ අයියත් ඉන්නෙ ඔය ඉස්කෝලෙ කියල..ඒක නිසා මට කවුරුත් වැඩිය සෙල්ලන් දාන්න ආවෙ නෑ..
ඔන්න ඔය විදියට ඉස්කෝලෙ ටික ටික ලොකු පන්තිවලට ආව.. දැන් වගේම තමයි ඒ කාලෙත්. මොකක් හරි කරන්න ඕනේ කියල හිතුනොත් කොහොම හරි ඒක කරනව..නැත්තම් ඒ බඩේ අමාරුව හොද වෙන්නෙ නෑ..
මට මතක හැටියට මම අටේ පන්තියෙ ඉන්න කාලෙ ඉස්කෝලෙ හොදම සෙල්ලම තමයි වුෂු ක්රීඩාව...මාත් එක්ක හිටපු ගොඩක් යාලුවො ඔය කෙහෙල් මල ඉගෙන ගත්ත. ඉගෙනගෙන අත පය තියගෙන ඉන්න එකක්යැ.. ඇවිත් අපිටත් සෙල්ලන් දාල පෙන්නනවා..ඔන්න ඉතින් මේ හරකටත් බඩේ අමාරුව හැදෙන්න පටන් ගත්තා ඔය මගුල ඉගෙන ගන්න..
දන්න තරන් බයිල ගහල යාන්තන් ගෙදරින් පර්මිශන් ගත්තා වුෂු ඉගෙන ගන්න..කොහොම හරි ගෙදර කැමති කරගෙන ගියෙ නැතැයි වුෂු පන්තියට..
හප්පා.. හිතන තරන් වැඩේ ලේසි නෑ කියල තේරුනේ ගියාට පස්සෙ..මට මතක් උනා මම ඉස්කෝලෙට ආව පලවෙනි දවසෙ අර පොඩි කොල්ලට ලොකු එකා නෙලපු නෙලිල්ල..ඒ වගේම මෙතනත් එකෙක් තව එකෙකුට නෙලනව..මොන බූරුවෙක්ද දන්නෙ නෑ..ගුටි කකා ඉන්නෙ.. එක්කො අතට අහුවෙන දෙයකින් දමල ගහන්න ඕනෙ අරූගෙ ඔලුව පොඩිවෙන්න, නැත්තන් ඌට අල්ල ගන්න බැරි වෙන්න ගෙදරටම දුවන්න ඕනෙ..කොහොම හරි මමත් යාන්තම් ශේප් වෙලා පලවෙනි දවස ඉවර කර ගත්තා..
යාන්තන් මාසයක් විතර ගුටිනොකා ශේප් වෙලා වැඩේ ඉගෙන ගත්ත..හැමදාම ශේප් වෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ කියල තෙරුනෙ උගන්නපු මහ කෙරුම මගෙ කනෙන් ඇදන් ගිහින් රිං එක මැද්දෙ හිටෙව්වට පස්සෙ..හප්පා..දැනෙන සනීපෙ..කකුල් දෙක ගැහෙනව නිකන් සිම්බල් ගහනව වගේ.. මුලු ඇගම දාඩියට තෙමිල තිබුනෙ, ඒ බයට නෙමෙයි..
කොහොම හරි එදා මට සෙට් උනෙ පොඩි එකෙක්. මට වඩා මාස තුන හතරක් පරන එකෙක් උනාව සයිස් එකෙන් පොඩියි. මගෙ තිබුන බය නැ නෑ වැරදුනා චකිතය ටිකක් අඩූ උනා මේකව දැක්කහම. ඔන්න වඩේ පටන් ගත්තා, ඒක එහෙට මෙහෙට පනිනව රිලවෙක් වගෙ..මමත් වැඩේ අතහැරියෙ නෑ. දන්න සෙල්ලන් දාලා ඇන්න එකක් දෙකක්..වැඩේ හරි..මට මේකව බිම දාන්න පුලුවන් කියල තේරෙනකොටම ඇනෙන් නැද්ද මේකා මගෙ බඩ මද්දට..ඔන්න ඉතින් මට මල පනින වෙලාව..මගේ බඩට ගහපු එකෙකුට හොදින් යන්න දෙන්නෙ නැති එක මට ඒ කාලෙ තිබුන ලෙඩක්..මමත් අත ඇරියෙ නෑ. ඇන්න එකක් උගෙ හොම්බට..වැදුන පාරට ඌ මලකද වගෙ ඇදන් වැටුන රිං එක මැද්දෙ..මට හරි ජොලි..වටේට හිටපු අනිත් අය ඔක්කොම අප්පුඩි ගැහැව්වා..මමනෙ දන්නෙ මේකා බිම දාන්න මම වින්ද දුක...
ඔය විදියට ටික දවසක් ගියා..එක දවසක් මට සෙට් උනා ටිකක් ලොකු එකෙක්..ඔන්න ඉතින් මගෙ කකුල් දෙක විතරක් නෙමෙයි මුලු ඇගම ගහෙන්න පටන් ගත්තා..මොනව කරන්නද! ඇග කහනවටනෙ මේක කරන්න පටන් ගත්තෙ..!! උගන්නන මහ කෙරුම රැවුල කරකව කරකව බලන් ඉන්නවා..ඕන දෙයක් කියල මමත් සෙට් උනා වැඩේට..හරිම කුජීතයි...හිතන්නවත් වෙලාවක් උනෙ නෑ..දමල ඇන්නෙ නැද්ද මගෙ හොම්බට මේකා..මට මතක එච්චරයි..සිහිය එනකොට මම ඉස්කෝලෙ සික් රූම් එකේ..නහයට ප්ලාස්ටර් ගහල..හුස්ම ගන්නත් බෑ.. මට ඇනපු එකා ඉන්නව පුටුවක වාඩි වෙලා හරියට උගෙ නහයෙ පොල්ල කැඩිල වගේ...
යාන්තන් ඔන්න ගෙදර ආවා..ඉස්කෝලෙන් ගුටිකාලා ගෙදරිනුත් ගුටිකන්න බැරි නිසා මම කිව්ව බාත් රූම් එකේ ලෙස්සල වටුන කියලා..යාන්තන් වඩේ ශේප්...දවස් දෙක තුනක් ගෙදර..මට තේරුන මේ වැඩේ හරියන්නෙ නෑ කියල..හැබැයි බඩේ අමාරුවනම් හොද උනෙ නෑ..කොහොම හරි වෙන දෙයක් හරි ඉගෙන ගන්න හිතුව...
ඉස්කෝලෙ පන්තියට යන එක එහෙම්මම නැවතුනා..මට සෙට් උනා ෂෝටෝකාන් පන්තියක්, අපි දන්න කෙනෙක් තමයි එකෙ මහ ගුරා..කොහොම හරි ඒක ඉගෙන ගත්තා..එකනම් මරු.. ඉගෙන ගත්ත විතරක් නෙමෙයි ඒ කලෙ තිබුන හැම තරගයකටම ගියා.. කොහොම කොහොම හරි වයස 17 පහල ලංකාවෙ හොදම වැඩකාරය කියල සහතිකයකුත් හම්බ උනා එක තරගයකින්...
ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා..ඕ ලෙවල් ඒ ලෙවල්.....
පාසලෙන් පසු....... in next page