දැන් වෙලාව හවස 5.30 විතර වෙලා, දවල් වැඩ කරපු කට්ටිය ගෙවල් වෙලට යන්න දගලනවා. මෙලෝ සිහියක් නැතුව මොනවද කොලවල ලියනව ෆයිල් කවර බලාගෙන. මට නම් මෙලො සන්සාරයක් තේරෙන්නෙ නෑ මෙතන වෙන දේ...

ඉස්සෙලම යන්න පටන් ගත්තෙ හිටපු කෙල්ලො ටික, පෙනුම නම් මුන් කෙල්ලො වගෙ තමයි. අනේ මන්ද ඔව්ව..
මෙන්න බොලේ වැඩක්, හවස් වෙනකොට කොස් ගෙඩි බදාගන්න එන වවුල්ලු වගෙ රෑ වැඩ කරන අය එනව කොම්පියුටර් බදාගන්න...හරී ශෝක්...

මට මතක් උනා 88/89 කාලෙ රෑට ඇවිත් අරන් යන කොල්ලන්ට උන සින්දුව.. උදෙ ඉදන් හවස් වෙනකම් කට්ටියක් අර කොල්ලන්ට නෙලනව. ඊට පස්සෙ උන් ගෙදර යන කොට වෙන සෙට් එකකට බාර දෙනව රෑ එලි වෙනකන් සබ්බුව දෙන්න...
අප්පට සිරි, දැන්නෙ දන්නෙ, මාව බාර දුන්නු ගෝතයත් රෑ වැඩ කරන වවුලෙක් කියල. මම හිතන් හිටියෙ ඒක මාවත් දාල ටටා කියල යයි කියල..
දැන් නම් ටිකක් කරන්න ඕන වැඩේ තේරෙනව, මේකා මට කියල දෙනව උගෙ වැඩත් නවත්තල. හොද එකා.. කාටවත් කියන්න එපා.. වැඩේ තේරුනාට තාම දන්නෙ නෑ මම මේ මොනවද එන්ට කරන්නෙ කියලා...හික් හික්..මරු නේද..
මම ටිකක් ඌත් එක්ක පොඩි ෆ්රෙන්ඩ්ලි චැටක් දැම්ම මේක මොකෙක්ද කියල අදුරගන්න. බැලින්නම් ඌ තමයි නයිට් ශිෆ්ට් එකෙ කෙරුම. ඒ කියන්නෙ සුපවයිසර්.. අවුලක් නැති වවුලෙක් වගෙ. මචන් ලෙවල් එකෙන් තමයි කතාව..
දැන් ටිකක් රෑ වෙන්න ඇවිත්, දවල් වැඩ කරපු ඔක්කොම කෙල්ලො ටික ගෙවල් වලට ගිහින්. කොල්ලො එකෙක් දෙන්නෙක් නම් එහාට මෙහාට දුවනව, උනුත් ඉක්මනටම යන්න වගෙ..
මට කරන්න කිව්වෙ අර රෝස පාට කොල වල තියෙන ඉලක්කන් පහකින් තියෙන නොම්බරයයි ඒකට අදාලව තියෙන ගානකුයි එන්ට් කරන්න කියල. බැලුවාමනම් ඒක එච්චර දෙයක් නෙමෙයි. වැඩේ තියෙන්නෙ ඉතින් කොම්පියුටරේ ඔය කියන ඉලක්කම් හොයන එකනෙ. හප්පා.. හොද වෙලාවට ඔය උලව්වෙ ඉලක්කන් එකේ ඉදල බින්දුව වෙනකම් නොම්බර දහයක් විතරක් තිබුනෙ. තව දහයක් පහලවක් තිබුන නම් මට ඉතින් කොම්පියුටර් දෙයියන්ගෙ පිහිටම තමයි....

සෑහෙන්න කාලෙකින් වෙන්න ඇති මේ කොම්පියුටරයට පොඩි නිදහසක් ලැබුනෙ. ගුටි කෑවත් ඉතින් එකක් කාල අනික කනකොට ටිකක් වෙලා ගිහින්නෙ..හික් හික්..
කට්ටිය දොරෙන් ඇතුලට එනකොට නම් මාත් එක්ක හිනාවේගෙන එනව ඊට පස්සෙ හරියට අපි වැරැද්දක් කරල වගෙ නෝ හිනා නෝ කතා..කෙලිනව එකසිය ගානට.
කොහොම කොහොම හරි දැන් ඉතින් රෑ කෑම කන වෙලාවත් ලන් උනා. රෑ අට විතර. මෙන්න බොලේ කොහෙද අතරමන් වෙලා හිටිය තව වවුල්ලු දෙන්නෙක් එනව...
යකෝ මේක නිකන් හරියට වැඩ ඇරිල බෝඩිමට යනව වගේනෙ. මුන් දවල් තිස්සෙ වෙන කොහෙද වැඩ කරල රෑ වෙන කොට මෙහෙට එනව.. මුන්ට බෝඩින් ඕන නෑ. හරි මරු නේද...
අපි බලමු රෑට මෙතන තියෙන ආතල් එක වෙන දවසක.....